සංස්කෘතික අංශය

යෞවන සම්මාන උළෙල

වයස අවුරුදු 13 – 29 අතර නිර්මාණශීලී තරුණ අංකුර කලාකරුවන් හෙවත් නව යොවුන් නිර්මාණකරුවන් හදුනා ගැනීම, ඇගයීමට ලක් කිරීම හා ජාතික තලයට යොමු කිරීම වස් තාරුණ්‍යයේ මහා කල එළි මංගල්‍ය හෙවත් ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල වාර්ෂිකව පැවැත් වේ.

සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා වෙනස් වූ හැකියා සහිත තරග ඉසව් වශයෙන් නර්තන, සංගීත, සාහිත්‍ය හා වෙනත් තරග අංශ 64 කින් යෞවන සම්මාන තරගාවලිය සමන්විත වේ. ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික වශයෙන් අදියර 03 ක් යටතේ පැවැත්වෙන තරග සදහා අයදුම්පත් ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙත ලබා දෙන්න.

ආදර්ශ අයදුම් පත්‍රය



නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමා පාඨාමාලාව (නාට්‍ය පාසල)

නාට්‍ය කලාවට ඇල්මක් උනන්දුවක් දක්වන දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් හට නාට්‍ය කලාව එනම්

  • රංගනය

  • අධ්‍යක්ෂණය

  • පිටපත් රචනය

  • අනුෂාංගික අංශයන්

ඉතාමත් විධිමත්ව හැදෑරීමට ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමා පාඨමාලාව සැබෑ වූ නාට්‍ය පාසලකි. මෙම නාට්‍ය පාසල ආරම්භ වනුයේ 1998.07.15 දිනකය. මෙම නාට්‍ය පාසල ප්‍රායෝගිකත්වයට විශේෂ අවස්ථාවක් ලබා දෙන අතරම න්‍යායාත්මක දේශන ඇතුළුව පැවැත්වේ. නාට්‍ය පාසලේ දේශක කටයුතු ප්‍රවීන කලාකරුවන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් අතින් සිදු වේ. මෙම පාඨමාලාව පූර්ණ කාලීන 06 මාසික ඩිප්ලෝමා පාඨමාලාවකි.

  1. ප්‍රවීන රංගන ශිල්පී සුචිත් රත්නායක

  2. ප්‍රවීන රංගන ශිල්පිනී මාදනී මල්වත්ත

  3. ප්‍රවීන රංග ශිල්පී රොෂාන් රවීන්ද්‍ර

  4. ප්‍රවීන රංගන ශිල්පී සම්පත් ජයවීර

  5. ප්‍රවීන රංගන ශිල්පී මිහිර සිරිතිලක

  6. ප්‍රවීන රංගන ශිල්පී සරත් කරුණාරත්න

  7. ප්‍රවීන රංගන ශීල්පී හර්ෂ තෙන්නකෝන්

යන ශිල්පීන් නාට්‍ය පාසලෙන් බිහි වී වේදිකාව/ පුංචි තිරය/ සිනමාව ජයගත් බොහොමයක් අය අතුරින් ඉහත සදහන් වනුයේ ශිල්පීන් කිහිප දෙනෙකු බව ඉතා ඕනෑ කමින් සදහන් කරමු. තරුණ තරුණියනි ඔබටද නාට්‍ය කලාව තුලින් ජාතික තලයේ කලාකරුවෙකු බවට පත්වීමට අවස්ථාව ජතික තරුණ සේවා සභාව උදා කර ඇත. 2017 වසරේ නාට්‍ය පාසලට තෝරා ගන්නා තරුණ තරුණියින් 35 දෙනා අතරට ඔබටත් එක් වීමට අයදුම් කළහැක.

ආදර්ශ අයදුම් පත්‍රය



ලලිතකලාවේදී තුන් අවුරුදු නර්තන හා සංගීත (ඩිප්ලෝමා) පාඨමාලාව
සංගීත ඩිප්ලෝමා පාඨමාලාව

ගායනය/ වාදනය යටතේ ඇල්මක් දක්වන හා විශේෂිත හැකියාවන් දක්වන තරුණ තරුණියන් හට ඒ තුලින් ඉදිරියට යාම හා ඔවුන් ක්ෂේත්‍රය තුල වෘත්තීමය ශිල්පීන් බවට පත් කිරීමට ඉතමත් විධිමත්ව හැදෑරීමට ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය, එරමිණියාය සෞන්දර්ය නිකේතනය හා මහරගම යොවුන් නිකේතනය හරහා මෙම සංගීත තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලදී. විශේෂ වශයෙන් සදහනක් ලෙස බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සංගීත ඩිප්ලෝමාව තුලින් ගායන අංශයෙන් රටට බිහිවූ විශිෂ්ඨයන් ලෙස

  1. ප්‍රවීන ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර

  2. ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

  3. ප්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චි

  4. ප්‍රවීන ශායන ශිල්පීනී චන්ද්‍රලේඛා පෙරේරා

  5. ප්‍රවීන ගායන ශිල්පී රෝයි පීරිස් යන අය හැදින්විය හැකිය.


ඒ වාගේම වාදන අංශයෙන් බිහිවූ විශිෂ්ඨයන් ලෙස

  1. ප්‍රවීන වාදන ශිල්පී ජයන්ත දිසානායක

  2. ප්‍රවීන වාදන ශිල්පී රංජිත් අබේනන්ද

  3. ප්‍රවීන වාදන ශිල්පී නුවන් සමරසිංහ

  4. ප්‍රවීන වාදන ශිල්පී සරත් ධර්මදාස

  5. ප්‍රවීන වාදන ශිල්පී මහින්ද ජයංකර දැක්විය හැකිය.


වර්ථමානය ගත් විට මෙම ඩිප්ලෝමාව සදහා උපදේශකත්වය ජාතික මට්ටමේ සුදුසුකම් ලත් ප්‍රවීන ඇදුරු මඩුල්ලක් පාඨමාලාව මෙහෙයවීම සිදු කෙරේ. වසරකට අයදුම්පත් 85 ක් පමන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට පහත ශීර්ශයන් යටතේ බදවා ගනු ලැබේ. පෙරදිග සංගීතය/ බටහිර සංගීතය/ කර්නාටික් සංගීතය යටතේ බදවා ගන්නා අතර මෙයට සාපේක්ෂව මහරගම සෞන්දර්ය නිකේතනය හා එරමිණියාය සෞන්දර්ය නිකේතනයේ බදවා ගැනීම් සිදු කෙරේ.


නර්තන ඩිප්ලෝමා පාඨමාලාව

නර්තන කලාකෙත අස්වද්දවන්නට බලා සිටින තරුණ තරුණියන් සදහා විශේෂිත අවස්ථාවකි මේ. උසස් පෙල පාසල් අධ්‍යාපනය නිමා කල විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව නොලැබූ තරුණ තරුණියන් හට අනගි අවස්ථාවකි. ජාතික තලයේ තුන් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලේ කෙරෙන එකම ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. පළමුව අයදුම්පත් කැදවා සුදුස්සන් තෝරා ප්‍රායෝගික පරීක්ෂණයකින් අනතුරු බදවා ගැනීම් සිදු කරනු ලබන අතර වසරකට සිසුන් 50 ක් පමණ සීමිත ප්‍රමාණයක් බදවා ගනු ලබයි. එයද තරගකාරී තත්වයකින් යුක්ත වේ.

නර්තන පාඨමාලාව දේශිය/ විදේශිය නර්තනයෙන්ද ගායන වාදන හැකියාවෙන්ද පරිපූර්ණ වූ ඔබ කලාකරුවෙකු ලෙස විවිධ පැතිකඩයන් හරහා ඔවුනොවුන් ගේ ජීවන වෘත්තීය සකසා ගැනීමට මහෝපකාරී වේ. විශේෂ දක්ෂතා පෙන්වන ඔබට දෙස් විදෙස් සංචාර සහ වේදිකා සංදර්ශණ සදහා සහභාගි වීමේ අවස්ථාවද හිමිවේ.

සාරධර්ම ගුණධර්ම වලින් හෙබි විනය ගරුක නර්තන ශිල්පියෙකු හෝ ශිල්පිනියෙක් බිහි කිරීම අපගේ මූලික අභිමතාර්ථය වේ. දශක 03 ක පමන සිට පැවතෙන මෙම පාඨමාලාවෙහි දක්ෂ නර්තන ශිල්පීන් ශිල්පිනියන්, ගුරුවරුන්, කලායතන, රංග වස්ත්‍රාභරණ ශිල්පීන්, අංග රචන ශිල්පීන් දෙස් විදෙස් පසු කරමින් ඉතා ඉහල තලයක සිටින බව දන්වනු කැමැත්තෙමු. යොවුන් සේනාංක වල උපදේශකයන්ද, පොලිස්, නාවුක, යුධ හමුදා හා ගුවන් හමුදා යන නර්තන කණ්ඩායම් සහ රාජ්‍ය නර්තන කණ්ඩායම සදහාද අපගේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසුන් මූලික ස්ථානයක් ගන්නා අතර ජාත්‍යන්තර පාසල් වල ගුවරුරුන් සදහා ද විශේෂ තැනක් හිමිවන බව සදහන් කළ යුතුමය.

ආදර්ශ අයදුම් පත්‍රය



ජාතික යොවුන් නාට්‍ය තරගාවලිය

අංකුර නාට්‍යකරුවන් එක පොකුරට රොද බැද ජාතික වේදිකාව මත නංවන මහා අඩහැරය යොවුන් නාට්‍ය තරාගාවලියයි. වසරක් පාසා ග්‍රාමීය මට්ටමේ සිට ජාතික වේදිකාව දක්වා තරුණ නාට්‍ය නිර්මාණකරුවන් රැගෙන එමින් ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය සුපෝෂණය කරමින් ජාතික මට්ටමින් ඇගයීම සිදු කෙරේ. පියවර 03 ක වැඩසටහනකි.

  1. අයදුම්පත් කැදවීම

  2. පළාත් මට්ටමින් තරග විනිශ්චය

  3. ජාතික නාට්‍ය තරගාවලිය


මෙහිදී ජයග්‍රාහකයින් හට ජාතික යෞවන සම්මාන උළෙලේදී සම්මාන ප්‍රදානය කෙරේ. වසර 37 ක් අතීතයේ සිට යොවුන් නාට්‍ය උළෙලින් එදා මෙදා බිහිවූ කලාකරුවන් අතරින්

  1. ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්

  2. ප්‍රවීන රංගන එච්.ඒ පෙරේරා

  3. ප්‍රවීන රංගන ශිල්පී දීපානි සිල්වා

  4. ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල

  5. ප්‍රවීන රංගන ශිල්පී සරත් කොතලාවල

  6. ප්‍රවීන රංගන ශිල්පිනී ජයනි සේනානායක

  7. ප්‍රවීන රංගන ශීල්පීනී දුලීකා මාරපන

  8. ප්‍රවීන රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය

  9. ප්‍රවීන රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ

  10. ප්‍රවීන රංගන ශිල්පී මිහිර සිරිතිලක

  11. ප්‍රවීන රංගන ශිල්පීනී මාධනී මල්වත්ත

  12. ප්‍රවීන රංගන ශිල්පී සුමිත් රත්නායක

  13. ප්‍රවීන රංගන ශිල්පී සම්පත් ජයවීර යන අය හදුන්වා දිය හැක.



1218661