Hope – 2017 සිහින පෙන්වන්නට නොව පාර පෙන්වන්නට

තරුණ සංවිධාන සංවර්ධන අංශය

සහකාර අධ්‍යක්ෂ

බී.ඩී.ඩබ්ලිව්.කේ.කරුණාරත්න මහතා

මෙහෙවර

තරුණ සංවිධාන ඵලදායීකරණය හා යොවුන් සවිබලකරණය.


ප්‍රවේශය

තරුණ සංවර්ධන උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීම සඳහා තාක්ෂණික , මුල්‍යමය හා අඛණ්ඩ සහය ලබා දීම.

  • ව්‍යාපෘති නියාමනය පසු විපරම හා ඇගයිම් තුළීන් සංවර්ධනාත්මක නිර්දේශ ඉදිරිපත් කිරීම.

ආයතනික ව්‍යුහය

හැඳින්වීම

  1. ජාතික තරුණ සේවා සභාව මඟින් දිවයින පුරා ව්‍යාප්ත කර ඇති තරුණ සංවිධාන ජාලය යෞවන සමාජ ව්‍යාපාරය වේ. ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තරුණ තරුණියන් ඒකරාශී කර විවිධ ප්‍රජා සංවර්ධන කටයුතු මේ මඟින් ඉටු කෙරේ.පිහිටවනු ලබන තරුණ සංවිධාන, සංවර්ධනය සඳහා වැඩසටහන් සැලසුම් කර ඒ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සමඟ අරමුදල් සම්පාදනය පිණිස සම්බන්ධීකරණය කිරීම, තරුණ සංවර්ධන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයන් වෙත යොමු කරමින් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සමඟ ඒකාබද්ධව ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් අතර සම්බන්ධීකරණය.

  2. මීට අමතරව ජාතික වශයෙන් පිහිටුවා ඇති තරුණ සිවිල් සංවිධාන සඳහා තාක්ෂණික සහයෝගය/මඟ පෙන්වීම ලබා දීම හා එම සංවිධාන නියාමන යාන්ත්‍රණයක් සැකසීම අංශය මඟින් සිදු කෙරේ.

  3. පාසලින් වැඩලොවට සංක්‍රමණය වන තරුණ පිරිස් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය ලබා දීම හා වැඩලොව අපේක්ෂාවන් ලඟා කර ගත හැකි වන සේ තාක්ෂණික මඟ පෙන්වීම ලබා දීම.

  4. ලංකාවේ තරුණ පිරිස් වෘත්තීය මඟ පෙන්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය තොරතුරු හා ආයතනික සමානාත්මතාවය ලබා දීම හා දිස්ත්‍රික් මට්ටමින් වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම.

  5. දෙමාපියන් ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් හා රැකියා ලබා දෙන ආයතන ආශ්‍රීත සම්බන්ධීකරණය කිරිම හා තරුණ පිරිස් ඔවුන් සමඟ සම්බන්ධ කිරීම.

  6. තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය රැකියා බැංකු මධ්‍යස්ථාන 21ක් පවත්වාගෙන යාම තුලින් වෘත්තීය මාර්ගෝපදේශන සේවා සැපයීම කායික මානසික වෘත්තීය, පවුල්, ලිංගික හා අධ්‍යාපනික ආදි ගැටළු වලට ලක් වී ඇති තරුණ තරුණියන්ට මනෝවිද්‍යාත්මක උපදේශනය ලබා දීම.

  7. පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සොයා බලා එම ආයතනවලට තරුණ තරුණියන් රැකියාගත කිරිම.

  8. Job Clinic (රැකියා සායන ) පුද්ගල අභිරුචින් අනුව වඩා සුදුසු රැකියාවක් සඳහා යොමු කිරීමේ වැඩසටහන්පැවැත්වීම.


තරුණ සංවිධාන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්.

  1. යෞවන සමාජ පිහිටුවීම හා ප්‍රතිසංවිධානය.

  2. ජාතික තරුණ දින සැමරුම් වැඩසටහන පැවැත්වීම.

  3. ප්‍රාදේශිය යොවුන් කඳවුරු පැවැත්වීම.

  4. තරුණ හුවමාරු වැඩසටහන් පැවැත්වීම.

  5. ප්‍රාදේශීය මණ්ඩල සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.

  6. දිස්ත්‍රික් මණ්ඩල සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.

  7. ජාතික මණ්ඩල සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.

  8. නායකත්ව පුහුණු කඳවුරු පැවැත්වීම.

  9. ජාතීන් අතර සහයෝගීතාවය සහ එකමුතුතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.

  10. ජාතීන් අතර ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

  11. යොවුන් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම.

  12. බෝ නොවන රෝග වලක්වා ගැනීම පිළිබඳව තරුණ නායකයන් පුහුණු කිරීම.

  13. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව තරුණ නායකයන් පුහුණු කිරීම.

  14. හදිසි ආපදාවලදී තරුණ සේවේච්ජා සේවා ලබා දීම.

  15. ප්‍රජා සත්කාරණ සහයෝගීතා වැඩසටහන් පැවැත්වීම.

  16. තරුණ නිවාස ව්‍යාපෘතිය.

  17. HIV AIDS නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

  18. ගෙවතු වගා සංවර්ධනය හා තරුණ පාරසරික සංවර්ධන වැඩසයහන් පැවැත්වීම.

  19. පාසල් ශිෂ්‍ය නායක වැඩමුළු පැවැත්වීම.

  20. විශේෂ හැකියාවන් ඇති තරුණ තරුණියන්ගේ සංවර්ධන වැඩසටහන්

  21. ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සේවා ලබා ගැනීම.

  22. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  23. වෘත්තීය අධ්‍යාපනික හා සේවා පාඨමාලා පිළිබඳව තොරතුරු ලබා දීම.

  24. රැකියා වෙළද පොල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  25. මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  26. Job Clinic (රැකියා සායන ) පුද්ගල අභිරුචින් අනුව වඩා සුදුසු රැකියාවක් සඳහා යොමු කිරීමේ වැඩසටහන්පැවැත්වීම.



1210926