Thaipongal 2018 - Koththukulam Sri muththu Kumari Amman kovila

"ජාතික යොවුන් තෛපොංගල් උළෙල - 2018" උත්සවයේ සමාරම්භය
පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධයක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, කොත්තුකුලම් ශ්‍රී මුත්තුකුමාරි අම්මන් කෝවිල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණි.

ජාතික සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීම අරමුණු කර ගනිමින් පැවැත්වුණු මෙම සංස්කෘතික මංගල්‍යයේ දී හින්දු චාරිත්‍ර වලට අනුව පොංගල් බත පිසීම ඇතුළු ජාතික චාරිත්‍ර රැසක් ඉටුකෙරුනු අතර දකුණේ සිංහල, මුස්ලිම්, දමිළ තරුණ තරුණියන් දහසකගේ සහභාගීත්වයෙන්  පැවැත්වූ සංස්කෘතික වැඩසටහනක් හා ශාස්ත්‍රීය ගායනා,කථක නැටුම්, ජන ගායනා,හින්දු සම්ප්‍රදායට අනුව විකට ඇඳුම් තරඟ කිහිපයක්ද පැවැත්වුණි.

අනතුරුව සන්ධ්‍යා භාගයේදී සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණු අතර මෙම වැඩසටහන් මාලව සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික  කටුයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා,මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්තුමා ඇතුළු තරුණ නායකයින් සහ ජාතික යොවුන් තෛපොංගල් උළෙල සඳහා සහෝදරත්වයේ නෑකම් එකතු කරන්නට  දිවයිනේ සතර දිගින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.



1224284