1983 මැයි මස 23 දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී.
යොවුන් පරපුරට ඔවුනගේ අදහස් උදහස් නිදහස්ව නිවහල් ප්‍රකාශ කිරීමට සහ යෞවනයන්ගේ අවශ්‍යතා රජයට හා පාලන තන්ත්රයට ඉදිරිපත් කිරීම සඳහා යෞවනයන්ගේම ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විහිදුනු සංවිධානයක් අවශ්‍ය නිසාවෙන් එවකට අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ නියමයෙන් දියත් කරන ලද යෞවන සමාජ වැඩසටහනේ ජාතික මට්ටමේ සංවිධානය වන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ස්ථාපනය කර ඇත.
තැඹිලි පාට වර්ණයෙන් යුත් පසුබිමෙහි, ජාතික තරුණ සේවා සභාවේ කොඩිය පෙරටු කරගනිමින් වී කරළ හා ගිණිසිළුව ඔසවා ගත් යෞවනයා හා යෞවනිය ඇතුලත් කර යෞවන සමාජ ලාංඡනය සනිටුහන් කර ඇත.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටවූ දිනය වන මැයි මස 23 දින පදනම් කරගනිමින් 1999 මැයි මස 23 දින ජාතික තරුණ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
යෞවන සමාජයක බල ප්‍රදේශය වන්නේ ග්‍රාම නිලධාරී වසමක් වන අතර, අවුරුදු 13 - 19 අතර තරුණ තරුණියන් හට යෞවන සමාජ වල සාමාජිකත්වය ලබා ගත හැක. මහා සභා රැස්වීමකදී 09 දෙනෙකුගෙන් යුත් නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම සිදු කරනු ලබන අතර, මෙහි ප්‍රධානියා වන්නේ තරුණ සේවා නිලධාරියාය. (යෞවන සමාජයක් පිහිටුවීම පිළිබඳව හෝ යෞවන සමාජ පිළිබඳව වෙනත් විස්තර දැනගැනීමට හෝ බදාදා දිනවල තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී තරුණ සේවා නිලධාරී මහතා හමුවී දැනගත හැක.)
යෞවන සමාජ සාමාජිකයකු වන මම සමගිය, මිත්‍රත්වය, සහයෝගය හා සංවර්ධනය යන සතර විධ ප්රතිඥාවන්හී පිහිටා ක්‍රියා කරමි.
පිහිටවූ දිනය - 1979 ජුනි මස 03 වන දින
දිස්ත්‍රික්කය - කෑගල්ල
මැතිවරණ කොට්ඨාශය - දැදිගම
ග්‍රාම නිලධාරී වසම - අල්ගම
යෞවන සමාජයේ නම - නිවහල්
1979 අංක 69 දරණ තරුණ සේවා පනතේ 5(2)(ඇ) වගන්තියේ සඳහන් තරුණ සංවිධාන පිහිටුවා, ඒවා ලියාපදිංචි කිරීම යටතේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය තරුණ සංවිධානයක් ලෙස පිහිටුවා ඇත.
1986.05.30 වන දිනැති ගැසට්පත්‍ර නිවේදනය මගින් 1979 අංක 28 දරණ දේශීය ආදායම් පනතේ 31 (9) (අ) වගන්තිය යටතේ පිළිගත් පුණ්‍යායතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
1980 අංක 137 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතේ දෙවන වගන්තිය යටතේ ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් වශයෙන් ලියාපදිංචි අංක 11/4/1/515/85 යටතේ ලියාපදිංචි කර ඇත.
තරුණ තරුණියන්ගේ නායකත්ව හැකියාව්න් වර්ධනය කිරීම
ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීම
කලා හැකියාවන් ඔප් නැංවීම
ජාතික හා ආගමික සංහිඳියාව හා සහජීවනය ඇති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රටේ තරුණ ගැටළු සඳහා ඍජුව මැදිහත් වීම
නායකත්ව පුහුණුව
දේශීය හා විදේශීය තරුණ හුවමාරු වැඩසටහන් සඳහා අවස්ථාව
යොවුන් පාර්ලිමේන්තුව
ජාතික හා ආගමික සහජීවනය හා සංහිඳියාව ඇති කිරීමේ වැඩසටහන්
රැකියා පුහුණුව සඳහා මගපෙන්වීම
ජාතික යෞවන ක්‍රීඩා උළෙල තුළින් ක්‍රීඩා හැකියාව් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසා දීම.
යෞවන සම්මාන තරගාවලිය මගින් කලා හැකියාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාව සලසා දීම
NYSCO තරුණ සමූපකාර සමිති හරහා ස්වයං රැකියා අවස්ථා සැලසීම
Youth Got Talent වැඩසටහන මගින් විශේෂ දක්ෂතා ඇති තරුණියන් ඇගයීමට ලක්කිරීම.
වයස අවුරුදු 13 - 29 ත් අතර දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සඳහා
ග්‍රාමීය මට්ටමේ සංවිධානය වන යෞවන සමාජය වෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භාරව කටයුතු කරනු ලබන තරුණ සේවා නිලධාරී හා යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු තරුණ තරුණියන් හරහා දැනුවත් කර වැඩසටහන් සඳහා සම්බන්ධ කරගැනීම සිදු කරයි.
දිස්ත්‍රික් මට්ටමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදී තරුණ තරුණියන් වැඩසටහන් හා සම්බන්ධ කරගනී.
ජාතික මට්ටමේදී දිස්ත්‍රික් වශයෙන් බෙදී යන පරිදී තරුණ තරුණියන් තෝරාගැනීම සිදු කරයි.
යෞවන සමාජ, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල හා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල හරහා සාමාජික සාමාජිකාවන් වෙත අදාල ප්රතිලාභ ලබාදේ.
යෞවන සමාජ වලට සම්බන්ධ වීමෙන් ඉහත සඳහන් ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
මානව සංවර්ධනයට ඇප කැප වූ, පූර්ණ පෞරුෂයකින් යුත් සදාචාර සම්පන්න, දේශප්‍රේමී යෞවන පරම්පරාවක් බිහිකිරීම සඳහා පියවර ගැනීම.
ජාති, කුල, ආගම් හා දේශපාලන ආදී සියළු භේදයන්ගෙන් තොරව සියළුම යෞවන පිරිස් එකම සංවිධානයක් තුල ඒකරාශී කොට ඔවුන් අතර සමගිය, මිත්‍රත්වය හා සහයෝගය ගොඩනැගීම.
යෞවනයින්ගේ සහජ දක්ෂතා හා හැකියාවන් ඉදිරිපත් කිරීමට ඉඩ ප්රස්ථා ලබාදීම.
ජාතික සංවර්ධනයට අදාල ආර්ථික, සාමාජික හා සංස්කෘතික අවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් යෞවන පරපුරට ලබාදීම හා ඒ පිළිබඳ විදුහුරැ ලෙස සිතීමට ඔවුන් පෙළඹවීම.
කලා, විනෝද, ක්‍රීඩා, සංස්කෘතික හා කෞශල්යලතා වර්ධනයට මෙන්ම සංරක්ෂණ කටයුතු උදෙසා තරුණ පෙළ යොමු කිරීම.
රටේ සංවර්ධන කාර්යයන් සඳහා තරුණ ශ්‍රමය යොදාගැනීම හා ස්වේච්ඡා සේවය කෙරෙහි යොවුන් පරපුර යොමු කරලීම.
ප්‍රජාතාන්ත්‍රික ජීවනක්රමයට තරුණ පෙළ හැඩගැස්වීම.
තරුණ තරුණියන්ගේ විවේක කාලය යහපත් හා ඵලදායි අයුරින් යෙදවීමට හා ඔවුන්ගේ සහජ හැකියාවන් මෙන්ම දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීම.
යෞවන යෞවනියන්ගේ පෞරුෂ වර්ධනය හා ඔවුන් නායකත්වයට පුහුණු කිරීම.
තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ පුහුණුවක් ලබාදීම.
තරුණ තරුණියන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමෙහි ලා නැඹුරු කිරීම.
එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි යෞවන සමාජ වල සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සංවිධායක, උප සභාපති, උප ලේකම් හා යන නිලධාරීන් හට ප්‍රාදේශීය සම්මේලන නියෝජනය කිරීමට වරම් හිමිවේ. යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ රහස් ඡන්දයෙන් යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය තෝරා ගනු ඇත. ප්‍රාදේශීය මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විතය. ප්‍රාදේශීය මණ්ඩලයේ ලේකම් වරයා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භාර තරුණ සේවා නිලධාරීවරයා වේ.
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ක්‍රියාත්මක වන අතර, ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන කටයුතු වල පහසුව පිණිස කොළඹ දිස්ත්‍රික්කය පමණක් කොටස් දෙකකට වෙන් කර දිස්ත්‍රික් 02 ක් වශයෙන් නම් කොට ඇත. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ වැඩකටයුතු සහා දිස්ත්‍රික් 26 ක් ක්‍රියාත්මක වේ. යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයක් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කොට පවත්වනු ලබන අතර, එය නියෝජිත සම්මේලනයක් වේ. යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනය කැඳවනු ලබන්නේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී වන අතර, ඔහු එහි ලේකම්වරයා වේ. දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි යෞවන සමාජ වල සභාපති හෝ ලේකම් හා යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල වල සභාපතිවරුන්, භාණ්ඩාගාරිකවරුන් හෝ සංවිධායකවරුන් අතරින් යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයේ නිලධාරී මණ්ඩලය පත් කරගැනීම සිදුකරනු ලබයි යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයක නිලධාරී මණ්ඩලය 18 කි.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ උත්තරීතර සංවිධානය වන්නේ ජාතික මණ්ඩලයයි. යෞවන සමාජ, යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල වල නායකත්වය දරමින් දිස්ත්‍රික් මට්ටම දක්වා පැමිනි තරුණ නායක නායිකාවන් 52 දෙදෙනෙකු (එක් දිස්ත්‍රික්කයකින් 02 නා බැගින්), යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 හි ලේකම්වරුන් 26 දෙනා (මොවුන් ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන් වේ.), ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා විසින් පත්කරනු ලබන නියෝජිතයින් 09 දෙනෙකු හා ජාතික තරුණ සේවා සභාවේ හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිණිස පරිපාලන ලේකම් වශයෙන් ගරු සභාපතිතුමා විසින් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරියෙකු ඇතුළුව ජාතික මණ්ඩලයේ මුළු සාමාජික ප්‍රමාණය 89 කි.(ගරු සභාපතිතුමා ද සමග)
අනු අංකය | තනතුර | නම |
---|---|---|
1. | ගරු සභාපති | -- |
2. | උප සභාපති 1 | -- |
3. | පරිපාලන ලේකම් | -- |
4. | ලේකම් | ශෙහාන් කෝෂිල කන්නන්ගර මහතා |
5. | උප සභාපති 11 | කේ. යසෝදරන් මහතා |
6. | උප සභාපති 111 | ඒ. ඒ. චාමර ප්‍රසාද් අමරසිංහ මහතා |
7. | භාණ්ඩාගාරික | යු. එල්. එස්. හෂානි පෙරේරා මෙය |
8. | සංවිධායක | කේ. ඩබ්. ජේ. ප්‍රබෝධ නවින්ද්‍ර මහතා |
9. | සහය සංවිධායක | රවීන්ද්‍රන් කෝමලරාජ් මහතා |
10. | නියෝජ්‍ය ලේකම් 1 | ඒ. පී. නෙරන්ජන් ප්‍රදීප් වික්‍රමසිංහ මහතා |
11. | නියෝජ්‍ය ලේකම් 11 | එස්. කුෂාන් මධුශංඛ ජයරත්න මහතා |
12. | සභාපති, අධ්‍යාපන, පුහුණු හා උපදේශන කාර්යාංශය | එස්. ශානිකා මධුවන්ති සුරවීර මෙනවිය |
13. | සභාපති, ක්‍රම සම්පාදන, සැලසුම් හා පර්යේෂණ කාර්යාංශය | එස්. එම්. ශෂින් මිලින්ද මහතා |
14. | සභාපති, ජාතික සංවර්ධන කාර්යාංශය | එස්. ජනගන් මහතා |
15. | සභාපති, ක්‍රීඩා හා විවිධ බාහිර ක්‍රියාකාරකම් කාර්යාංශය | ඩබ්. අමල් ප්‍රදීප් නවින්ද මහතා |
16. | සභාපති, සංස්කෘතික කටයුතු කාර්යාංශය | ටී. උමාකාන්තන් මහතා |
17. | සභාපති, තිළිණ ප්‍රධාන කාර්යාංශය | එ්. එම්. තරිදු නවීන් කුමාර මහතා |
18. | සභාපති, විදේශ කාර්යාංශය | පී. බී. හසිත් සදරුවන් මහතා |
19. | සභාපති, සන්නිවේදන, ව්‍යාප්ති හා යෞවන සම්බන්ධතා කාර්යාංශය | ටී. විමලරාජ් මහතා |
20. | සභාපති, සමාජ සේවා හා සුභසාධන කාර්යාංශය | වයි. එම් දිලංජන සාලිය යාපා මහතා |
21. | සභාපති, අරමුදල් කාර්යාංශය | එච්. පී. ගයාශාන් සචිරංග මහතා |
22. | සභාපති, ව්‍යවසායකත්ව හා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය | ආර්. එම්. තරිදු ගයාන් මදුසංඛ මහතා |
23. | සභාපති, මිහිකත සුරැකීමේ කාර්යාංශය | එම්. ජී. දේශානි දිලංකා විජේසුරිය මෙය |
24. | සභාපති, සිවිල් සංවිධාන සම්බන්ධීකරණ කාර්යාංශය | ඩබ්. කේ. ජනිත් විමුක්ති අකලංක මහතා |
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය,
ජාතික තරුණ සේවා සභාව,
අංක 65,
හයිලෙවල් පාර,
මහරගම.
දුරකථන අංකය - 0112844210 දිගුව 201
විද්‍යුත් ලිපිනය - ycfsrilanka@gmail.com