ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි දැක්ම ජනතාව වෙතට ගෙනයන ප්රචාරක කාර්යභාරය ඉටුකරමින් තාරුණ්‍යය තුළ සැඟව ඇති මාධ්‍ය කුසලතා එලිදක්වා එය සංවර්ධනය කිරීම තුලින් විශිෂ්ඨ හා යහපත් රූපවාහිනි මාධ්‍ය සන්නිවේදක චරිත බිහි කිරීම.
ජාතික තරුණ සේවා සභාව පිළිබඳව ජනතාව හා සමස්ත තාරුණ්‍යය දැනුවත් කරමින් ජාත්‍යන්තර තලයේ නිපුණ වෘත්තිකයන් දේශයට දායාද කිරීම සඳහා ඊට අනුශාංගික සෑම පාර්ශවයකම දැනුම හා අත්දැකීම් ලබා දීම.
නිස්කෝ වීඩියෝ අංශය බිහිවූයේ 1982 වසරේදීය.
තරඟකාරී වාණිජ ලෝකයේ නොයෙකුත් අපහසුකම් නිසා සිය දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට නොහැකි පරිසරයක් ගොඩනැගී තිබුණි. ඊට රාජ්‍ය ආයතනයක මැදිහත්වීම අවශ්‍ය ව තිබුණි. ඒ පසුබිම මත ජාතික තරුණ සේවා සභාව විසින් නිස්කෝ වීඩියෝ අංශය ආරම්භ කරන ලදී.
ජාතික තරුණ සේවා සභාවේ අරමුණු හා පරමාර්ථ සාක්ෂාත් කරගැනීම උදෙසා ජාතික තරුණ සේවා සභාවේ දැක්ම හා අරමුණු වලට අනුගතව නිස්කෝ වීඩියෝ අංශයේ දැක්මට අනුකූලව ශී‍්‍ර ලාංකීය තාරුණ්‍යයේ දියුණුව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
එම වැඩසටහන් මගින් අදාල දර්ශන භාවිතයට ගනිමින් රූපවාහිනි හා ජනමාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව තාරුණ්‍යය දැනුවත් කිරීම.
තරුණ සංවර්ධනය සඳහා ඉටුකෙරෙන කාර්යයන් වීඩියෝ ගත කිරීම හා සංරක්ෂණය කිරීම.
හැකියාවන් සහිත තරුණ තරුණියන් ජාතික තලයට හඳුන්වා දීම උදෙසා වූ වැඩසටහන් රූපවාහිනි මාධ්‍යයෙන් ජාතික තලයට රැගෙන ඒම.
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ආර්ථික සමාජීය, දේශපාලන, මානසික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් වීඩියෝ ගත කර අවශ්‍ය අවස්ථාවන්වලදී යලි ප්‍රයෝජනයට ගැනීම සඳහා සංරක්ෂණය කිරීම, අවශ්‍ය අවස්ථාවන්වලදී අවශ්‍යවන්නන් සඳහා ලබා දීම.
වැඩසටහන් වීඩියෝගත කිරීම.
රූගත දර්ශන සංරක්ෂණය කිරීම.
වැඩ සටහන් සංස්කරණය කිරීම.
ප්රවෘත්ති ආවරණය කිරීම.
අවශ්‍ය අවස්ථාවන්හිදී වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය හා අවශ්‍ය නිලධාරීන් හා වැඩසටහන් උදෙසා එම දර්ශන ලබාදීම.
වැඩසටහන් පිළිබඳ විස්තර සැපයීමේදී (ප්රවෘත්ති සාකච්ඡා ආදියෙහිදී) අවශ්‍ය වීඞීයෝ දර්ශණ ලබාදීම.
අංශය සතු චිත්‍රාගාරය අවස්ථානූකූලව වැඩසටහන් නිෂ්පාදනය සදහා භාවිතා කිරීම හා බාහිර ආයතන සඳහා කුලී පදනම මත ලබා දීම.
අවශ්‍ය උපකරණ මිලදී ගනිමින් චිත්‍රාගාරය යාවත්කාලීන කිරීම.
රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමෙහිලා කුසලතාවලින් පිරිපුන් තරුණ තරුණියන් පුහුණු කිරීම.
රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව කි‍්‍රයාත්මක කිරීම මගින් රූපවාහිනි මාධ්‍ය පිළිබඳව හැදෑරීමට කැමති නිර්මාණශිලි තරුණ තරුණියන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම තුළින් ආර්ථික හා සාමාජීය දියුණුවක් ලබාදීමට කටයුතු කිරීම.
නිර්මාණශිලී තරුණ්‍යයේ සිනමා කලාව පිළිබඳව නැඹුරුතාවයක් දක්වන තරුණ තරුණියන් උදෙසා කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගාවලියක් පවත්වා ජයග්‍රාහකයින් ජාතික හා ජාත්‍යන්තර තලයට හඳුන්වා දීම.
නිස්කෝ වීඩියෝ අංශය,
ජාතික තරුණ සේවා සභාව,
අංක 65,
හයිලෙවල් පාර,
මහරගම.