නව සභාපති/අධ්‍යක්ෂක ජෙනරාල් තුමා රාජකාරි ආරම්භ කිරීම

2021-04-07

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්යය ජගත් වික්‍රමසිංහ මහතාගේ හා රසායන විද්‍යාව පිළිබඳව ආචාර්යය උපාධිධාරිණියක් වන වික්‍රමසිංහ මැතිණියගේ පුත්‍රයා වන දමිත වික්‍රමසිංහ මහතා ඩී.එස්.සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරිමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ Swinburne විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන ලදී. පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක සේවා කටයුතු සිදු කල අතර උපදේශන ව්‍යාපාරයක හිමිකාරිත්වය දරන ලදී. 2015 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමඟ සම්බන්ධ වෙමින් දේශපාලන ක්ෂේත්‍රය වෙත පැමිණ වියත්මග සමග සම්බන්ධ වෙමින් රටේ තාරුණ්‍ය නියෝජනය කරන තරුණ සභාපතිවරයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු අවධානයට යොමු වෙමින් රටේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණුකිරිමේ ජාලයේ හිමිකාරීත්වය දරණ ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස 2019 දෙසැම්බර් මාසයේදි රාජකාරී ආරම්භ කරන ලැබුවේය. එතැන් සිට වසරක කාලයක් තුල රාජ්‍ය ආයතනයක් ලෙස පෞද්ගලික අංශයේ සාර්ථක උපක්‍රමයන් ක්‍රියාත්මක කරගනිමින් වෙනස් දිශානතියකට වෙනස් ගමන් මඟකට ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කැඳවා යාමට ඔහුට හැකි විය. එම ක්‍රියාවලිය තුලින් ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යක්ෂමතාවය 200% ලෙස වැඩිදියුණු කරමින් සාර්ථකත්වය කරා මෙහෙය වීමට එතුමාට හැකි විය.එම සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ තරුණ තරුණියන් වෙනුවෙන් විශාල සේවාවක් කල හැකි ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස දමිත වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපති අද දින 2021.04.07 ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ධූරයේ රාජකාරි ආරම්භ කිරීම ජාතික තරු‍ණ සේවා සභාවේ සභාපති කාර්යාලයේදී සුභ මොහොතින් සිදු විය. එම අවස්ථාව සඳහා වියත්මග නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඉදිරියේදී නව සභාපති ධූරය යටතේ විධිමත්ව මෙහෙයුම් කටයුතු දියත් කිරීමට අදහස් කරන බව මාධ්‍ය අමතමින් දන්වා සිටියේය.





4157635