ප්‍රදර්ශණ තිරය (Video Wall)
ජාතික තරුණ සේවා සභාව ඉදිරිපස සවිකර ඇති විශාල ප්‍රදර්ශණ තිර ජාතික තරුණ සේවා සභාවේ මෙන්ම, රජයේ ආයතන හා පෞද්ගලික ආයතන ප්රචාරක කටයුතු සඳහා ලබා දීම සිදු කරනු ලබේ.
තිරයේ ප්‍රමාණය(size)
වම්පස කුඩා තිරය | - පළල අඩි 9- උස අඩි 6 (9"x6") |
දකුණු පස විශාල තිරය | - පළල අඩි 10 -උස අඩි 12 (10"x12") |
දැන්වීම් ප්‍රචාරය කිරීම
අපගේ ප්‍රදර්ෂණ තිර මත දැන්වීම් ප්‍රචාරය කිරීමේදී එය ජාතික තරුණ සේවා සභාවේ තොරතුරු තාක්ෂණ සංවර්ධන අංශය මගින් සිදුකරනු ලබන අතර
ප්‍රචාරය කීරීමට සකසන ලද දැන්වීම තොරතුරු තාක්ෂණ සංවර්ධන අංශය වෙත යොමුකිරීම මගින් එය ප්‍රචාරය කර ගත හැකිවේ.
දැන්වීම් ප්‍රචාරය කරන කාලසීමාව
සෑම දිනකම (සතියේ දින හතම) උදෑසන 6.30 සිට රාත්‍රි 8.30 දක්වා ප්‍රදර්ෂණ තිර ක්‍රියාත්මක වේ.
ප්රචාරක දැන්වීමක් ප්‍රදර්ෂණය හා කාලසීමාව.
ප්රචාරක දැන්වීම (Image) ලෙස නම් | - තත්පර 8 - 15 කාලසීමාවක් |
ප්රචාරක දැන්වීම (Video) ලෙස නම් | - තත්පර 15 ක්. |
** සැලකිය යුතුයි - එක් පැයක් තුල දැන්වීම ප්‍රචාරය වන වාර ගණන පවතින දැන්වීම් ප්‍රමාණය මත තීරණය වේ.
ප්‍රචාරය සදහා දැන්වීම් සැකයිය යුතු ආකාරය.
ප්රචාරක දැන්වීම රූපයක් (Image) ලෙස නම් | - 10” X 12” සහ 9” X 6” ප්‍රමාණයෙන් Resolution 300 RGB ආකාරයෙන් නිපදවා එහි මෘදු පිටපත (Soft Copy) භාර දිය යුතුයි. |
ප්රචාරක දැන්වීම වීඩියෝ (Video) ලෙස නම් | - Full HD ආකාරයෙන් 1920 X 1080 ප්‍රමාණයෙන් නිපදවා මෘදු පිටපත (Soft Copy)භාර දිය යුතුයි.. |
දැන්වීම් ප්‍රචාරය සදහා වන ගාස්තු අයකිරීම.
01. | තරුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාව, ශ්‍රවනාගාරය, ක්‍රීඩා පිටිය වැනි භූමිය හෝ පරිශ්‍රය මුදල් ගෙවා වෙන්කර ගැනීම් සම්බන්ධ කටයුතු වලදී එක් දිනකට | රුපියල් 600/= ක් |
02. | බාහිර ආයතන සහ පුද්ගලයින්ගේ දැන්වීම් සඳහා දිනකට | රුපියල් 1,000/= |
03. | සජීවී විකාශන සඳහා එක් පැයකට | රුපියල් 30,000/= |
දැන්වීම් ප්‍රචාරණය සදහා මුදල් ගෙවීම හා ප්‍රචාරණය
ජාතික තරුණ සේවා සභාවේ තොරතුරු තාක්ෂණික අංශය වෙත පැමිණ එහි ඇති අදාල අයදුම් පත්‍රය පුරවා ඉදිරිපත්
කිරීමෙන් අනතුරුව ගාස්තුව නිර්ණය කිරීම හා තාක්ෂණික උපදෙස් සඳහා අදාළ දැන්වීම් පරීක්ෂා කර මුදල් අංශය
වෙත මුදල් බැඳීමට යොමු කරනු ලබයි. එලෙස මුදල් බැඳීමෙන් අනතුරුව සේවාදායකයා වෙත ලැබෙන නිල් පැහැති
පිටපත තොරතුරු තාක්ෂණික අංශය වෙත භාර දීමෙන් අනතුරුව ප්‍රදර්ශනය සඳහා පෙළ ගත කිරීම සිදු වේ.
ප්රචාරක දැන්වීම් පලකිරීම පිිලිබද පොදු උපදෙස්
- ඔබගේ දැන්වීම රූපයක් (Image) හෝ වීඩියෝ (Video)ආකාරයෙන් ඉහත සදහන් ප්‍රමාණයෙන් නිපදවා එහි මෘදු පිටපත (Soft Copy) භාර දිය යුතුයි.
- කිසිඳු ආකාරයකින් ඔබගේ දැන්වීම් නිපදවීම ජාතික තරුණ සේවා සභාව මඟින් ඉටු නොකරන බව කරුණාවෙන් සලකන්න.
- ඔබ ලබා දෙන දැන්වීම අති විශාල ජනකායක් ඉදිරියේ ප්‍රදර්ශනය වන බැවින් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා සමාජ සදාචාරයන්ට අනුකූල හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීති සහ රෙගුලාසි වලට යටත් වන්නේ දැයි සුපරික්ෂාකාරී වන්න.
- ඔබගේ දැන්වීමේ අන්තර්ගතය හෝ වර්ණ හෝ තීව්රතාවයන් මත තුන්වන පාර්ශවයන්ට සිදුවන අපහසුතාවයන් වලදී දැනුම් දීමකින් තොරවම එම දැන්වීම් ඉවත් කරනු ලබන අතර එමගින් සිදු වූ යම් පාඩුවක් හෝ අලාභයක් වේ නම් එහි පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.
- එසේ ඔබ විසින් ලබා දෙන ලද දැන්වීම් වල නීතිය හා සදාචාරයන් සමඟ පටහැනි වන යමක් අන්තර්ගත වීමෙන් පැන නැගෙන ගැටළු සහ නීතිමය කටයුතු හමුවේ ජාතික තරුණ සේවා සභාව වගකීමෙන් නිදහස් වන අතර ඒ පිලිබඳව සමස්ත වගකීම දැන්වීම් භාර දෙන ලද සහ දැන්වීමේ නිෂ්පාදකයින් වන ඔබ විසින් භාර ගත යුතු වේ.
- ප්‍රදර්ශන තිරයේ දෝෂ සහ විදුලිය බිඳ වැටීම් වලදී සහ ජාතික තරුණ සේවා සභාවේ කළමනාකාරීත්වය විසින් විකාශයන් අත්හිටුවීම් වලදී ඔබ හට අලාභයක් සිදු වේ නම් එය ඔබ වෙත ප්‍රතිපූර්ණය කිරීම කිසිඳු ආකාරයකින් සිදු නොවන බව දන්වමු.
- නියමිත පරිදි මුදල් ගෙවන ලද දිනයෙන් අනතුරුව එම දැන්වීම විකාශයෙන් ඉවත් වන බවද සලකන්න.
විමසීම් -
තොරතුරු තාක්ෂණ සංවර්ධන අංශය
ජාතික තරුණ සේවා සභාව
මහරගම.
දු. අංකය - 0112842649