Supply Registation
පරිපාලන නිලධාරි අයදුම්පත්

News Details

Back To All News

SLT මොබිටෙල් ආයතනය මඟින් පිරිනමන “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය

  • August 5, 2022
  • 10.00AM - 10.00PM

SLT මොබිටෙල් ආයතනය මඟින් පිරිනමන Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය

SLT මොබිටෙල් ආයතනය මඟින් පිරිනමන පහසුකම් රැසක් පිරි “Youth Pack” ජංගම දුරකතන සම්බන්ධතාවය ජාතික තරුණ සේවා සභාවේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන ලබන තරුණ තරුණියන්ට ලබා දීම යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.

 මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය තිරාන් ද සිල්වා මහතා, SLT මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්දික විතාරන මහතා, සාමාන්‍යාධිකාරි සුගත් අබේසිංහ මහතා, සාමාන්‍යාධිකාරි රුක්ෂාන් ද සිල්වා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින් ගම්ලත් මහතා සහභාගී විය.