NYSC Header
Apply Today/අයදුම් කරන්න

News Details

Back To All News

සෞන්දර්යාත්මක ගී රස වින්දන වැඩසටහන

  • January 18, 2025
  • 10.00AM - 10.00PM
ජාතික තරුණ සේවා සභාවේ සේවක සුබ සාධක සංගමය මඟින් සංවිධානය කළ සෞන්දර්යාත්මක ගී රස වින්දන වැඩසටහනක් සහ සේවක අභිප්රේරණය වැඩසටහනක් පසුගිය දා මහරගම ප්රධාන කාර්යාලයේදී පවත්වන ලදී.
රස වින්දන වැඩසටහනට අමතරව සේවක සේවිකාවන් සඳහා නව වසරේ තිළිණ ප්රදානයක්ද මෙහිදී සිදුකරන ලදී.
ගී රසවින්දන වැඩසටහන මෙහෙයවීම ජාතික තරුණ සේවා සභාවේ ප්රවීණ සංගීත ශිල්පී කරුණාරත්න විජේවර්ධන මහතා විසින් සිදුකළ අතර දයාන් විතාරණ, සෝමසිරි මැදගෙදර,ක්රිෂාන්ත එරන්දක සහ කුමුදුනී විජේතිලක යන සංගීත ශිල්පීන් මෙම අවස්ථාව රසවත් කිරීමට එක් විය.
මේ අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/හේවාපතිරණ අධ්යක්ෂ ජනරාල් නීතීඥ චින්තක මහතා ඇතුළු නිළධාරීන් ද සහභාගි විය.