News Details

Back To All News

නව තාක්ෂණය මුසු කරමින් නව පෙරළියක් කරා ගමන් කරන ජාතික තරුණ සේවා සභාව

  • October 18, 2023
  • 10.00AM - 10.00PM
ජාතික තරුණ සේවා සභාවේ දිවයින පුරා ඇති පුහුණු මධ්යස්ථාන 54ක් ආවරණය කරමින් වසරකට අභ්යාසලාභීන් 22,000ක් පමණ NVQ පාඨමාලා සහ NVQ නොවන පාඨමාලා හැදැරීමට අප හා සම්බන්ධ වේ. එහි දී විභාග හා ඇගයීම් අංශය විසින් එම පාඨමාලා සඳහා විෂයානු බද්ධව ප්රශ්න පත්ර සකස් කර විධිමත් ලෙස අවසන් පරික්ෂණ සහ විභාගයන් අනුමත කාල සීමාවක් තුළ පවත්වා ඒ සඳහා ජාතික හා ජාත්යන්තර වශයෙන් පිළිගත් සහතික පත්ර නිකුත් කරනු ලැබේ.
2023 වර්ෂයේ සිට NVQ නොවන පාඨමාලා සඳහා අනුමත විභාගයන් ඩිජිටල්කරණයට ලක් කරමින් ඔන්ලයින් මගින් විභාගය පැවැත්වීම සිදු කරන ලදී.
මෙමගින් ඉතා වේගවත්ව හා කාර්යක්ෂමව ඉතාමත් කෙටි කාලයක් තුළ විභාග පැවැත්වීමට සහ ප්රතිඵල නිකුත් කිරීමට හැකිවන අතර ප්රශ්න පත්ර මුද්රණය, ප්රවාහනය හා අනෙකුත් වියදම් සඳහා වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි විය.