News Details

Back To All News

දේශාභිමානය

  • January 30, 2024
  • 10.00AM - 10.00PM

දේශාභිමානය

නිදහස් දිනය පාදක කරගනිමින් දේශක, දහම් පහන නිර්මාතෘ ගරු ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමන් විසින් මෙහෙයවන ලද දේශාභිමානය වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්යස්ථානයන්හි අධ්යයන කටයුතු සිදු කරන අභ්යාසලාභීන්, දෙමාපියන් හා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වෙනුවෙන් ඊයේ (2024.01.29 ) දින පවත්වනු ලැබිණි.
මේ සඳහා තරුණ හා ක්රීඩා කටයුතු ගරු අමාත්ය හරීන් ප්රනාන්දු මැතිතුමා, කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්ය මනුෂ නානායක්කාර මැතිතුමන්, තරුණ හා ක්රීඩා කටයුතු අමාත්යාංශ ලේකම්තුමන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න මහතා, ආරාධිත මහත්ම මහත්මීන් හා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරුන්, ප්රවීණ කලාකරුවන් ද මේ සඳහා සහභාගි විය.