NYSC Header
Information Officer

News Details

Back To All News

35th National Youth Sports Fest 2025

  • November 10, 2025
  • 10.00AM - 10.00PM
35th YOUTH SPORTS FEST 2025 දිස්ත්රික් ක්රීඩා උලෙළ ඊයේ (09දා) කිලිනොච්චි දිස්ත්රික් ක්රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එය තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත් විය.
කිලිනොච්චි දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 4 නියෝජනය කරමින් තරුණ ක්රීඩක ක්රීඩිකාවන් මේ සඳහා සහභාගී වූ අතර, එහි කණ්ඩායම් තරඟ ඉසව් පසුගියදා අවසන් විය.
දිස්ත්රික් ක්රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර සමස්ත ශූරතාවය කරච්චි ප්රාදේශීය මණ්ඩලය හිමි කර ගත්තේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී නාදන් ඉලන්කුමරන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ/ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අධ්යක්ෂ මණ්ඩල සාමාජික ඩිලාන් සේනානායක, යූත් ක්ලබ් ජාතික සම්මේලනයේ ලේකම් මිථින ගිහාන් ප්රියසාද් ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.