Supply Registation
පරිපාලන නිලධාරි අයදුම්පත්

News Details

Back To All News

කොළඹ යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයේ ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම

  • July 31, 2022
  • 10.00AM - 10.00PM

කොළඹ යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයේ ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම

  අද දින ජාතික තරුණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී කොළඹ යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයේ ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලදී.

  ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් රවීන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම අභිමානවත් අවස්ථාව පළාත් අධ්‍යක්ෂ ධම්මික සම්පායෝ මහතා, සහකාර අධ්‍යක්ෂ සුමිත් ගල්ඔළුව මහතා, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නවීන් මහතා, තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය මණ්ඩල නායක නායකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.

  මෙහිදී ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා රට හමුවේ ඇති අභියෝග තුළ තරුණයාගේ කාර්‍යභාර්‍ය පිළිබඳව දීර්ඝ විග්‍රහයක් සහිතව සභාව ආමන්ත්‍රණය කරන ලදී.